සිහින වසන්තය
ලියවෙන දේවල්
Thursday, June 5, 2014
පෙම් හසරැල්
මිහිරි පෙම් හසරැල්
සිත පුරා විඳි මං
අහස පීරා
කෙසේ සොයමිද
මට ම හිමි තරුවැල්
බිම පිපෙන කොඳ මල්
විහිදුවන සුවඳින්
තෙමී මත් වී
කියන් එනවද
ඉන්නවා එනකල්
අහිමි කළ හසරැල්
ළං කරනු හැකි නම්
කොහේ යන්නද
නුඹව තනිකර
නුඹ මගෙයි හැම කල්
1 comment:
Priya
June 12, 2014 at 9:11 AM
Beautiful...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
Beautiful...
ReplyDelete