මතකයේ මළගම
පිපී හිනැහෙන වසන්තේ අග
සමුගනිමි මම දැන් ඉතින්
පුද කරනු මැන මතක වස්ත්‍රය
බිඳ වැටුණු පේ‍්‍රමේ නමින්
යථා වාරී වහා පූරා
මුමුණනා ඔය දෙතොලගින්
නැගෙන්නට යළි පතමි පෙර සේ
සිනා මල් කැන් හුරු ලෙසින්
කියා බණවර සත් දිනක් තුළ
නුඹට බැඳි පේ‍්‍රමේ නමින්
දෙන්න කැඳවා සෙනෙහෙ සොයනා
ළබැඳියන් හැම උන් ළඟින්
සෙනෙහසේ මළගමට බැඳි කොඩි
ලිහා මතකෙන් පෙර ලෙසින්
ඉන්න සිනහව මුවග රන්දා
තරහ නෑ බිඳුවක් ඉතින්
No comments:
Post a Comment