රබානට හරි
රිදෙනවා ඇති
තට්ටු කරලා
උදේ ඉඳලම
වචන ඔක්කොම
පැටලිලා ඇති
පාර අයිනේ
දූලි ගොඩ වල
කාසි පොඩ්ඩක්
බිම වැටිලා ඇති
අහුල ගන්නට
කෙනෙක් නැති වුණු
දෑත් අල්ලන්
යන්න නුඹ ඇති
හැන්දැ වෙද්දී
තනිව මග තොට
ඇවිදින්න පෙර
මගේ හිත මත
එළා පාවඩ
සිව් කොණින්
නැගෙන දූවිලි
මතක අතරේ
සැඟව යනවද
ඔබ ඉතින්
ඉරි තැළුණු
ලේ බිඳිති ඉහිරුණු
මතකයේ
සුන් බුන් මතින්
යන්න එනවද
පුංචි දුරකට
කෙනෙක් එන තුරු
ඔබ ළඟින්