තෙල් බිඳු
තලන තැලෙන ජීවිතයේ
සිඳින මඩින තෙල් අතරේ
දුකින් ගෙවන ජීවිතයේ
අරුමය සොයමුව කෙළෙසේ
දහඩිය සුවඳට මුසු වී
සැදෙනා තෙල් රස බර වී
එක් වන බිඳු බිඳු රැස් වී
ඇත දුක පදමට මුසු වී
දිරිය මිසක් හද පතුලේ
නැත අන් කිසිවක් තිබුණේ
ජීවන ගඟ මැද පතුලේ
තෙල් වල සුවඳයි දැණුනේ
වියපත් වුව ගත ද සිතින්
නවතනු කෙලෙසද දිවි මං
තෙල් බිඳකට හෙලන සුසුම්
දනී ද ඔබ කියණු ඉතින්
No comments:
Post a Comment