ආයුබෝවන් චට්ටු කුට්ටන්
ජම්බු දීපෙන්
සිනා කැන් ගෙන
මෙරට ආවද
චට්ටු කුට්ටන්
ආව ගිය
ළඟ උන්නු හැමටම
ඔළුව නැමුවද
චට්ටු කුට්ටන්
කන්න බත් පත
අතට ගත්තම
ඔළුව ගහ ගෙන
චට්ටු කුට්ටන්
ගෙදර බත් නැති
පොඩි එවුං ගැන
කඳුළු හැළුවද
චට්ටු කුට්ටන්
සැමට හොඳ වී
දොරටු පාලව
දිවිය ජයගත්
චට්ටු කුටුටන්
ගෙදර අය හා
හෝටලෙන් බත්
කන්න ලැබුණද
චට්ටු කුටුටන්
පදක්කං මහ
ගොඩක් පපුවේ
දමං උන්නට
චට්ටු කුට්ටන්
කබායෙන් වැසු
හදවතේ දුක
ඇහුවෙ කවුරුද
චට්ටු කුට්ටන්
ගෙවුණු හැත්තෑ
දෙවැනි වසරෙත්
හිනා වී උන්
චට්ටු කුට්ටන්
ආයි එනතෙක්
ගාළු මුවදොර
ආයුබෝවන්
චට්ටු කුට්ටන්
No comments:
Post a Comment