දුෂෙයින්
අපි හිටවපු පොප්ලර් ගස්
කඳු මුදුනේ තාමත් ඇති
ඉස්කෝලෙට ගෙනාපු දර
පන්ති මුල්ලෙ තාමත් ඇති
මං හෙලාපු කඳුළු බින්දු
පාළම උඩ තාමත් ඇති
යන්න හදපු ඒ වෙලාවෙ
එපා කිව්වෙ නැති එක ගැන
මගේ හිතේ හැංගුණු දුක
ඔය හිත දැන් දන්නවා ඇති
-මං-
අල්තිනායී
No comments:
Post a Comment