Tuesday, November 11, 2014

පැතුම


හිරුට කළියෙන් පිබිද
වඩින තෙක් හිරු ලොවට
මග බලා පෙරුම් පිරු
කැකුළු කොඳ මලයි මම
ඈත දුර පිපුණාට
ළං වෙන්න බැරි දුරක
පෙම් නොකර ඉනු කෝම
හිරු මලට මං දකින
පූදින්න පොර බදන
අන් කැකුළු වලට පෙර
පිපී හිනැහුණෙ මමයි
දකින විට හිරු මඩල
නැගී පෙර දිග හිසින්
අහස් කුස පූදින්න
අවරදිග ගිරි හිසින්
හවස් කළ බැස යන්න
ඉන්න  බැරි මට ළංව
තුරුළු වී උණුහුමට
නමුදු මම පෙම් කරමි
මා දවන සෙනෙහසට
උන්නොතින් හෙට දිනෙත්
ඉමි දෑස් දල්වාන
මියැදුණොත් පෙම දෙන්න
හෙට පිපෙන මල් වලට

No comments:

Post a Comment