Tuesday, November 11, 2014

පුන් කළස



අහස් ගඟ උතුරා ගලා විත්
හිමව් ගිරි කුළු ඉහිරවා
සිහින් සර ල් තුහින ඉහිරා
මහෝඝය වී ඉතිරුණා
පිරී ඉතිරී විසිර දස අත
සිහින් සැනසුම් සුව ගෙනා
වහින වැස්සට කරමි මම පෙම්
වසන්තයෙ අග පිබිදෙනා
සිහිල සැනසුම දෙවා හදවත
කරන උණුසුම් හැඟුමිනා
ගෙනේ නිරතුරු නිරාමිස සුව
වසින සඳ දිය වී වලා
පුන් කළස් ඉතිරී පිටාරව
ගලන තුරු පිරි පැන් සදා
වාසනාවන් වහින වැහි පොද
අහස් ගැබ තරු ඉහිරවා

No comments:

Post a Comment