අයං වස්සාන කාලො
නුඹෙ අතර රැඳි
පුංචි කුඩයේ
තෙමී නොතෙමී
පාළු මාවත
ඇවිදාන ගිය
ඔහේ තුරුළුව
හිරි කඩින් මුළු
ගතම නැහැවුණු
ඒ සොඳුරු වස්සානයයි
තුරුල් කර ඔබ
වත මගේ ළය
රැඳුණු වැහි බිඳු
දෙතොල් මත් කළ
නුඹේ උණුසුම
නිතර ළඟ රැඳි
ඒ සොඳුරු වස්සානයයි
ඒ මග ම අද
අපි තනිව යන
දුටුව මුත් අපි
අපි නාඳුනන
එදා මෙන් නොව
අකුණු පිපිරෙන
මේ අඳුරු වස්සානයයි
No comments:
Post a Comment