මදි වූ කාලය
අහස් ගැබට පෙම් කළාම
අහසෙ තිබුණු තරු කැටයට
පෙම් නොකරම ළඟින් ඉන්න
මතක නැති උනා
මුළු අහසම රළු උනාම
තරු එළි මැකිලා ගියාම
මට මං නැති අඳුරු ලොවක
තනිව හිර උනා
තනි වූ හිත ඉකි බින්දම
ඒ ඉකියට බය හිතුණම
මාව හොයා ගන්න මට ම
මතක නැති උනා
මගෙ හිත යළි මියැදුනාම
ළඟ උන් අය හැර ගියාම
ජීවිතේට පෙම් කරන්න
කාලෙ මදි උනා
No comments:
Post a Comment