පේ‍්‍රමයේ මතක බණ වර
කියන්නට බණ වරක් ඔබ ගැන
පින් සිරිත් කර සෙනෙහසින්
කල් වැඩියි නෙව
වයසකයි දැන්
යෞවනේ ගෙවිලා ගිහින්
අමතකව නොව මතකයෙන් මම
මකා දැමු පේ‍්‍රමයෙ සුසුම්
පින් සිරිත් කර
කෙසේ යවමිද
දැක ගන්න මොක් පුර උතුම්
ඔබට මම නැති මටත් ඔබ නැති
ලොවක් කිසි දින නොපැතුවෙන්
දරා ගත නුහු
අපේ කඳුළැලි
අපෙ දෙපා මුල වැතිරියන්
කඳුළු බිඳු වුව
හීතලයි ඒ
හිරිකඩට වට කවුළුවෙන්
ළමැද හූරා
නෙතින් වැටුණා
දරා ගන්නට බැරි ලෙසින්
මගේ නිරුවත් දෙපා මත්තේ
හිස හොවා වැඳ සෙනෙහසින්
ගිය නමුත් ඔබ
ඔබේ මතකය
සිත පුරා ඇත පෙර ලෙසින්
No comments:
Post a Comment