ඔයාලයි මායි
මේ වැස්සේ මං තෙමුණොත්
අම්ම බනියි අනේ හුඟක්
ඒ හින්දා අසා උනත්
මට තෙමෙන්න බෑ
කුඩේ යටින් මාත් එක්ක
නොතෙමි යන්න අඩ ගැහුවට
මාත් එක්ක ගෙදර යන්න
ඔයාලා එන්නෑ
වැහි පොද යට දඟ කර කර
මඩ වතුරේ දුව පැන පැන
යන්න තියෙන මගේ හීන
ඔයාලා දන් නෑ
නුඹ විඳිනා මට හිමි නැති
ඒ නිදහස නැති උනාට
අම්ම එක්ක මගේ හිතේ
තරහක් නම් නෑ
No comments:
Post a Comment