Tuesday, November 11, 2014

තනි රකින වස් දඬුව



මගේ ළඟ නොතනියට
අවසාන රැ ගෙව්ව
තාත්තා මට දුන්න
වස්දඬුව විතරක්ම
තාත්තගෙ සුවඳ පොද
ගෙනෙනවා මගෙ ළඟට
අහස් වියනේ යටින්
තාත්තගෙ හිනාවෙන
මූණ දකිනට තාම
කඳුළු පිරි ඇස් වළිං
මං බලනවා අහස
මගේ දඟ බලන්නට
ළඟ උන්නෙ නැතිවාට
නිරතුරුව හිත ගාව
ඉන්නවා නොතනියට
තාලයක් හොයාගෙන
වස්දඬුව පිඹින්නට
මං ගත්තු දිග කාලෙ
හීනෙනුත් ළඟ උන්නු
තාත්තා ගැන වැයෙන
මගේ පද අහන්න
මගේ ළඟ අද ඉන්නේ
නුඹ විතරමයි

No comments:

Post a Comment