අවසන් සිහිනය
පෙනෙන්නට නාවාට කම් නෑ
අහස් කුස සැරිසරනවා නම්
බිඳක්වත් මගෙ හිතට දුක නෑ
නුඹේ හිත සතුටින් හිඳී නම්
ළං වෙලා හිනැහෙන්න මං ළඟ
ආයෙ කවදාවත් නොආවත්
ආදරෙයි මං තාම ඔය හිත
මගේ හිත ළඟ නතර නොවුණත්
පර නොවී ළඟ ඉන්න හිතුවට
නුඹේ හිත ළඟ හෑමදාමත්
ඉන්නවා මං මග බලාගෙන
එනව නම් ඔබ ගෙන හිනාවක්
මධුවිතින් ඉඩ දෙන තරම් කල්
ඉන්න පතනව ඔබ නිසා මං
යන්න පෙර ඔබ මා නොආවොත්
පතමි දිවි මග වාසනාවන්
No comments:
Post a Comment