අහිමි විහඟ සර
තනිව සරනා අහස
සොයා ගෙන මග හසර
තවත් ඉගිලෙමි තනිව
නැති නිසා නුඹ ළඟක
චණ්ඩ වූ රළ පෙළට
ගිලී වැතිරුණු බිමෙක
කෙස් මම සොයන්නද
නුඹ උන්නු තැන වැතිර
දෙදරවා අහස් කුස
පුපුරණා හෙණ හඬට
දැනේනට බියක් කෝ
දුක මිසක් හද කොණෙක
එන තුරා ඔබ වෙතට
මග බලා උන්නු නුඹ
උන්නු තැන නෑ ළඟක
ගිලී දිය සුළියකට
දුක දරා අහස් කුස
ඉගිල යමි අනන්තෙට
සොයන්නේ කොහොම නුඹ
මටත් මම අහිමි කොට
No comments:
Post a Comment