Tuesday, November 11, 2014

හෙට එච්චර කළුවර නෑ


දැවී ගිනි ගත් බිමේ
කටු වැටේ මායිමේ
හිනා කැන් වැරූ සඳ
හැර ගිහින් නිළඹරේ
කිරි සිනා සැඟවුණේ
සිහින බොඳ වූ බිමේ
පාපයට නොවේමැයි
මගෙ පුංචි දෝණියේ
වත සිනා නොපිපුණේ
කඳුළු වැල් ඉහිරුණේ
වෙඩි හඩට බයේ නොව
දුක නිසයි හදවතේ
දෙමාපිය සෙනේහේ
නොලැබුණත් අද දිනේ
හිනැහෙන්න කඳුළු මැද
මල් පිපෙයි හෙට දිනේ

No comments:

Post a Comment