Tuesday, November 11, 2014

මලේ දුක් කවිය

-නිමිත්ත-
පොද වැස්සක් වැස්සා
ඒ වැස්සෙ
අත් අල්ලං තෙමෙන්න
මං
ඔයා එනකල් බලා උන්නා
ඔයා ආවෙ නෑ
පොද වැස්ස
අසෙණි වැස්සක් උනා
ඒ වැස්සෙ 
මං
තනියම තෙමුණා


නටුවටත් බර වැඩිව
වැහි පොදට තෙත බරිව
මහ පොළව සිප ගන්න
මෙහොතකට පෙරත් මම
හිතුවා
එයි කියා අහස වෙත 
දකින්නට ඔබේ රුව

කම්පිතව මුළු අහස
හඬනවා දුක් බරව
ඔයා නැති අහස් කුස
පාළුයිනෙ හැමදාම
වැහි පොදට තෙමුණා
තෙමී බිම වැටුණාට
ආදරෙයි වැහි පොදට
මං
ඔයා උන් තැනින් එන

පර වෙන්න ඉඩ නැතිව
නටුව බිම හෙළුවාට
දුකක් නෑ මගෙ හිතට
හිත නෑනෙ මගේ ළඟ
මියෙන එක ගැන තනිව
දුකක් නෑ මගෙ හිතට
හිත දැවෙන්නේ බයෙන්
මං
නැති දාක එතැයි ඔබ

No comments:

Post a Comment