Tuesday, November 11, 2014

ඔයයි - මමයි


මව් පියන් අප
ළඟ නොවුණු සඳ
අපි අපිට තනියෙන්
ළංව උන්නා
මගේ ළඟ ඔබ
මා එක්ක නිබඳින්
නුඹට මා මිස
මටත් නුඹ මිස
කෙනෙක් නොවු විලසින්
නුඹේ දුක් කඳ
මම මගෙ ම කර
රැඳෙන්නෙමි නිබඳින්
බරක් නෑ මට
නුඹේ නැති පය
සවිය වී රැඳෙමින්
ඉකිය සිර කර 
කඳුළු සඟවා
හිඳිමි මම සතුටින්
සවිය වී මම
නුඹ යනෙන මග
එක්ව යමි නිතැතින්
කියන් මට නුඹ
නුඹ නොමැති දා 
හිඳී දෝ කවුරුන්

No comments:

Post a Comment