ඔබ ඔතැන ඉන්න
ඉවුරු යා කළ
බිඳුණු පාළම
වැල් බිඳී වර පට ලිහී
එතෙර වූ ඔබ
මා මෙතෙර හැර
එහා ඉවුරේ ඉකි බිඳී
මතක මං පෙත
කඳුළු හසරැළි
අපේ තනියට ළඟ උනී
කියන් යන හැටි
නුඹව අත හැර
මේ නදී තෙර මග හැරී
ආදරෙන් නුඹ
සුරැකි මා හද
නුඹ දමා යනු නොරිසි වී
පෙළයි හදවත
දුක් ලසෝ ගිනි
ඇවිල මා හද ගිනි වැදී
මෙහා ඉවුරෙන්
එහා ඉවුරට
එන්න වරමක් මට නැතී
නැගී පැද යමි
ඔරුව ඈතට
නුඹ ඉන්න ඔතැනම රැඳී
No comments:
Post a Comment