අහිමි වූ ළමා විය
සිහින ඉල්ලා හඬන
ආයිමත් නොඑන්නට
මා අතැර දා ගොසින්
නිල් පාට කොළ වලට
පෙම් බඳින ලෝකයම
මගේ ගත පොඩි කරං
මා සොයා එයි නිතින්
ආදරය නැති හිතින්
මා ලවන් කකියමින්
නැගී මා මත තදින්
පෙළයි මා රිදවමින්
ගතට නොව මා සිතට
පෙම් කරන හදවතින්
කෙනෙක් ළඟ තුරුළු වී
මියෙමි කවදා ඉතින්

No comments:
Post a Comment