කඳුළ
අඬනු බැරි සඳ නෙතින් ගිලිහී
වැටුණු කඳුළට බර වෙලා
අහස් ගඟ බඩ රිදී තරුවක්
බලා උන්නා තනි වෙලා
වියැළිලා තව තනිව ඉන්නට
බැරිව උන් බෝපත් තලා
අසෙණි වැස්සක් බිමට වැටුණා
වියළි කොළ හැම විසුරලා
තෙමී වැස්සේ ළංව තුරුළුව
යනෙන අය දෙන නෙත් හෙලා
දුකින් උන්නා නැති නිසා ළඟ
හිතින් හිත ඇඳිනුව කෙනා
එන තුරා මග බලා ඉන්නට
හිතේ දුක් කඳ හංගලා
දෙතොල් පෙති අග මලක් පිපුණා
ළංව උන් කළ සිහි වෙලා
No comments:
Post a Comment