නැවුම් සෙනෙහස
තුන් තිස් පැයම
හිත රැඳෙනා සෙනේහෙට
නුඹ මා ළඟයි
හිත ඉල්ලන වෙලාවට
පා පොඩි තබා
ඇවිදින හිත පුරාවට
මං ළඟ ඉන්න
නොගිහින් කිසි දිහාවක
කඳුළැලි මල් වලින්
සැරසූ හිත යට ම
පිපෙනව නැවුම් මල්
ගලනා පෙම් සුවඳ
පිනි කැට වැටී
උතුරන විට සිත් විලම
අරගෙන යන්න
දිය දෝතක් හදවතට
බිඳෙනා තැනෙක
රළ පෙළ සසලව රඟට
සිනහව පෙනේ
නැතිවත් නුඹ මා අසල
දුන් ලෙස හිතට
සැනසුම් සුසුමන් සමග
සිහිනෙක ඉන්න
සැමදා තුරුළුව ළයට
No comments:
Post a Comment