නටඹුන් මතක
පිපී හිනැහුණු
සුවඳ මල් වල
සුවඳ කැන් පොද
උදුරලා
පරව යන තෙක්
බලා උන්නද
හිත යටම දුක හංගලා
මතකයේ මග
අතර මං වූ
සෙනෙහසේ රිද්මය
සොයා
නටඹුන්ව ගිය
මතක අතරේ
තනිව තව යනවද
ඔයා
හිතේ හැම කොණ
ඉතුරු වී ඇති
සෙනෙහසේ සුව
සොය සොයා
අපිට අපි නැති
ලෝකයේ අපි
තනි තනිව ඉමු
ළං වෙලා
No comments:
Post a Comment