සිහින වසන්තය
ලියවෙන දේවල්
Monday, November 10, 2014
තෙමුණු සමණල්ලු
රත් වු සුළඟට
විසිරි මල් පෙති
සිසිල් වැව් දිය
කැළඹුවෙන්
නැගුණු රැළි මත
දඟ කරන්නට
සමණළුන් එති
සීරුවෙන්
ගැබ්බරව දිය
හෙළන්නට සිටි
අහස හෙල්ලී
බිය වුණෙන්
වැටුණු සිරි පොද
වැහි පොදට තෙමි
සමණළුන් නෑ
කොයි ගිහින්
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment