සොයා දුර ගිය
කාලයේ වැලි තලා
අතරින් රිංගලා
තෙමී වියැළුණු
කඳුළු කැළලෙක
රිදුණු තැන් මතකය මකා
අහස් ගඟ බඩ
සයුරු මානේ
මා හෙළුෑ කඳුළැලි වසා
මතකයන් මග
අමතකව තව
දුකින් හිනැහෙනවද ඔයා
නුඹ ළඟින් උන්
කාලයේ මග
මතක අමතක වූ නියා
නුඹේ හසරැළි
ගෙනේ මතකෙට
අහිමි සුව විඳි මා එදා
නුඹේ හද පුදසුනේ
මා පිදු
මලක් යළි හදවත තබා
ඉන්නවා මං
එනතුරා යළි
සමුගන්න ඔබ මා කරා
No comments:
Post a Comment