Monday, November 10, 2014

පාළමින් ගිය තෙටියාගේ ගීතය

හබල් පහරට
නැගුණු කරගැට
හබල් පහරට
ගෙවී යන තුරු
කොඳු පෙළින් 
නැගි වේදනාවන්
රිදෙන පිට දිග
සැඟව යන තුරු
එහා ඉවුරෙන්
මෙහා ඉවුරට
ඔරුව සමගින්
පොර බැදු මුදු
විඩාවක් ගත
නොරැඳි අරුමය
දිවිය අඩකින්
අඩුවෙනා තුරු
ඉවුරු යා කළ
පාළමින් නැග
ඉවුරු දෙකොනට
ඇවිද ගිය මුදු
එදා දාහය
නිවන්නට හැමු
සුළං රැළි
මා මගහැරිය යුරු

No comments:

Post a Comment