සෙනෙහෙ මල් වල
පාට හොය හොය
ජීවිතේ දුර
ගිය ඔයා
සෙනෙහෙ ඇතිරූ
සොඳුරු පාරක
තනිව ගිය හැටි
සොය සොයා
මතක ඉම දිග
පාළු කතරක
තනිවු අරුමය
ගැන සිතා
අතරමං වූ
දිනෙක උන්නා
ළබැඳි මිතුරෙක්
ලෙස එදා
යළිත් කිසි දින
අතරමං වී
යන්න නොම දී
ළඟ සදා
ඉන්නවා මං
හදට එන තුරු
පෙමැති කුමරා
ඔබ සොයා
No comments:
Post a Comment