තාත්තියෝ
තාත්තියෝ අද හවසට
ඊයේ රැ මට පෙනිච්ච
පාට පාට හීනෙ අරං
ඉක්මනින් ම ගෙදර එන්න
නැගගෙන මං
ඔය බඩ උඩ
තුරුල් වෙලා
ඔය පපුවට
ඉන්න බලං ඉන්න නිසා
ඉක්මනින් ම ගෙදර එන්න
ඇත උඩ මං
තුරුල් වෙලා
අහන කතන්දර කියන්න
නින්ද යන්න කළියෙං මගෙ
නළලට හාදුවක් දෙන්න
තාත්තියෝ අද හවසට
ඉක්මනින් ම ගෙදර එන්න
No comments:
Post a Comment