පෙර සුවඳ
සිහින තවරා
මගේ හදවත
පැතුම් පොබකර
ආදරෙන්
හිතේ සිව් කොණ
නුඹ උන්නු තැන්
තාම සුවඳයි
පෙර ලෙසින්
අතින් අල්ලා
ළයට තද කර
පිය නැගූ මග
කෙළවරින්
තවම පෙනෙනව
අපේ සෙවනැලි
යනෙන දහසක්
රූ මැදින්
එවන් මතකෙට
පෙම් බැඳන් මම
තවම ඉන්නව
පෙර ලෙසින්
ළඟට ආවත්
නුඹ නොආවත්
ආදරෙයි මම
මුළු හදින්
No comments:
Post a Comment