බිඳ වැටුණු ලෝකයේ
පා නගා ඇවිදින්න
බිඳුණු මතකය ඉමේ
තටු සලා පියඹන්න
නැගී මේ බිම මතින්
තනියෙන්ම නැගිටින්න
දකිනවා සිහිනයක්
ජීවිතේ ජය ගන්න
අකුරු නැති පිටු පුරා
කඳුළු බිඳු නොවැටෙන්න
ගුරුන් නැති මේ බිමම
වචනයෙන් පුරවන්න
මට අහිමි ලෝකයේ
මතු දිනෙක රජ වෙන්න
දකිනවා සිහිනයක්
ජීවිතේ ජය ගන්න
අම්මගේ නෙත් වලින්
කඳුළු බිඳු පිසලන්න
තාත්තගෙ වතමඩල
සිනාවෙන් පුරවන්න
දිනෙක දිනනා දාක
හැමෝවම රැක ගන්න
දකිනවා සිහිනයක්
ජීවිතේ ජය ගන්න

No comments:
Post a Comment