තුරුළු කරගෙන
ඔබෙ ළයට මා
කැන්දගෙන මා ආදරෙන්
දුක්ඛ දොම්නස්
ඔබේ හද පෙළු
දුරැරළන්නට ඔබ හදින්
කැටුව ආ සඳ
සයුරු තෙර වෙත
නොනිත් නිම් හිම් නැති ලෙසින්
ළංව උන්නෙමි
මියෙන තුරු ඔබෙ
තවුල් ලතැවුල් හදවතින්
මිදී වියැකී
නුඹේ හද රැඳි
සෝ සුසුම් නොඑනා ලෙසින්
මාව අතහැර
මේ සයුරු තෙර
යැතැයි නොසිතිමි කිසි ලෙසින්
මා තනිව මෙහි
නුඹ නැතිව යළි
කිසි දිනෙක නෙඑනා ලෙසින්
නික්ම යන්නෙමි
ඈත දියඹට
වෙළී පෙරළී රළ මතින්

No comments:
Post a Comment