Monday, November 10, 2014

කම්මල්කරුගේ ශෝකාන්තය

ගිණි අඟුරට රත් වී එන
ගත දවනා දාහය මැද
වෙහෙසෙන විට 
සිත මෙන් ගත
දැනෙනව පෙර ලෙස 
බැරි බව
ගිණි අඟුරට ලෝ පතුරට
බිලි දී මුළු යෞවනයම
තාත්ත නැති මුළු පවුලම
ගොඩ ගත්තා මං හැකි ලෙස
දොස්තර නංගී නාවට
අම්මා ලෙඩ වී වැටුණම
දවස් ගණන් මං උන්නා
වාට්ටුවේ බිම ඉඳගෙන
ගම් දෙකකට එහා පැත්තෙ
මල්ලි දිසාපති උනාට
නිකමටවත් ආවේ නෑ
අම්මගෙ මළ ගේ දිහාට
උං නාවට හත් දවසෙයි
තුන් මාසෙයි දානය මම
ගිහින් දුන්නා දන් කඳ බැඳ
කඳු මුදුනේ විහාරයට
ගිනි අඟුරට ගත දැවුනට
වානෙට දෑතම කැපුණට
දැනෙන්නෙ නෑ
හිතට දුකක්
අද මං තනි වී උන්නට
පාළුව තනි කම යන්නට
යකඩ එක්ක මං හැපුනට
දන්නව මං තනියෙන් බව
අම්මා නැති මුළු සසරෙම

No comments:

Post a Comment