හිම බිඳු වෑහෙන
පාළු මග කොණෙක
තනි වී වැළපෙමි
මියැදුණු සෙනෙහෙට
ම’හිස නවාගෙන
හිම පිරි වැස්සට
සඟවමි කඳුළැලි
මියැදුණු සෙණෙහෙක
අහස් වලා සිඹ
හමනා සුළඟට
ඉවකර සොයනෙමි
මට හුරු නුඹෙ සුව
හදේ ගැඹුරු තැන
රැඳි උණුසුම විඳ
සිහිකර තැවෙනෙමි
ළඟ නැති නුඹ ගැන
ඇති නම් සතුටින්
කොතැනක හෝ නුඹ
මියෙමි තුටින් මම
නුඹ ගැන මතකෙට

No comments:
Post a Comment