Saturday, January 28, 2012

මතකයේ මළගම


පිපී හිනැහෙන වසන්තේ අග
සමුගනිමි මම දැන් ඉතින්
පුද කරනු මැන මතක වස්ත‍්‍රය
බිඳ වැටුණු පේ‍්‍රමේ නමින්
යථා වාරී වහා පූරා
මුමුණනා ඔය දෙතොලගින්
නැගෙන්නට යළි පතමි පෙර සේ
සිනා මල් කැන් හුරු ලෙසින්
කියා බණවර සත් දිනක් තුළ
නුඹට බැඳි පේ‍්‍රමේ නමින්
දෙන්න කැඳවා සෙනෙහෙ සොයනා
ළබැඳියන් හැම උන් ළඟින්
සෙනෙහසේ මළගමට බැඳි කොඩි
ලිහා මතකෙන් පෙර ලෙසින්
ඉන්න සිනහව මුවග රන්දා
තරහ නෑ බිඳුවක් ඉතින්