Wednesday, December 21, 2011

කලකට පසු


තනි වී තුරුළුව උන් හැටි මතකද
ලොවට හොරෙන් අපි හැන්දෑවේ
ළඟ නැති ඔබගේ සුවඳ දැනෙනවා
ඇස් පිය වූ විට සිතට මගේ
මල් පෙති විසිරී සුවඳ හමන විට
නුඹ මා හමු වූ මතක දිගේ
එක්වී යමු අපි යා හැකි මුළු දුර
නුඹ මගෙමයි මුළු සංසාරේ
තනියට හුරු වී ඉකි බිඳි මගෙ හිත
සොයනා උණුසුම ඔබෙ තුරුලේ
දැනෙනව මට යළි අඩු නෑ බිඳුවක්
ඔබ ළඟ ඉන්නම් මම පෙරසේ
නුඹ මා ළඟ නම් ඉන්නම් සතුටින්
තියෙනා තුරු දිවි සුසුම් මගේ
තියනවා සතුටින් දෙන්නෑ
මම දුක් ආයිත් කිසි දින හිතට ඔබේ

Monday, December 5, 2011

ඉන්නවා මං මෙහෙම මෙතැනම


එක්ව දුටු දුර ඈත සිහිනය
එක්ව තුරුළුව යළි දකින්නට
බලා ඉන්නම් යළිත් එනතුරු 
ඇඟිලි ගණිමින් මෙහෙම මෙතැනම
ඔබ නැතිව ළඟ දැනෙන පාළුව
කියා ගන්නට වචන නෑ මට
එන්න හැකිනම් නිසැකවම මම
එනව දකිනට මගේ සද ඔබ
එන්න පෙ සේ සිනා කැන් ගෙන
බලා ඉමි මං මෙහෙම මෙතැනම

Wednesday, November 30, 2011

නුඹ නැති පාළුව


දවනවා හිත තදින් 
නුඹ නොමැති කාන්සිය
දුකයි උහුලන්න බෑ 
නුඹේ උණුසුම නැතිව 
හිතම හිස්වී ගිහින් 
මගේ ළඟ නුඹ නැතිව 
ආදරෙයි මං ගොඩක් 
දැන් නැතත් මගේ ළඟ 
පාළුවට මා වෙලන 
දුකට මා සිත දවන 
කියන් පිළිතුරු බඳින 
හැටි නුඹත් ළඟ නැතිව 
ආදරේ තුරුළු කර 
මගේ ළඟ ගුලි වෙන්න 
එනවාද මං ළඟට 
තවත් කල් ගන්නැතිව

Friday, November 25, 2011

ප‍්‍රාර්ථනාව

හිත ළඟම ඔබ ඉඳං 
තෙපලනා වදනකින් 
මගේ හිත නිවෙන හැටි 
ඔයා දන්නවා නේද 
තුරුල් කරගෙන ළයට 
ඔබෙ සුසුම් විඳින්නට 
මං පෙරුම් පුරන හැටි 
ඔයා දන්නවා නේද 
ළමැද පිරි උණුහුමට 
තද කරං මගේ වත 
මං ඉන්න කැමති වග 
ඔයා දන්නවා නේද 
මගෙම කරගෙන ඔබව 
මං ළඟම තියාගෙන 
මං ඉන්න කැමති බව 
ඔයා දන්නවා නේද

හඳුන්වාදීම

මං දිමුතු, දිමුතු තෙන්නකෝන්. ජොබ් එක ග‍්‍රැෆික් ඩිසයිනින්. කම්මැලි කමට කරන්නෙ ලියන එකයි කියවන එකයි. 


කියවනවා කියන්නෙ ළ`ග ඉන්න අයට කණ් වල ඇ`ගිලි ගහ ගන්න කියවන එක නෙවෙයි. පොත් කියවන එක. මං පොත් ගුල්ලෙක්. ලියන්නෙ කවි. ඒවා කවි කියලා කියන්න පුළුවන්ද මන්දා. ඒත් නිකං ඉන්න වෙලාවට හිතට එන දේවල් කුරුටු ගාන එක දැන් පුරුද්දකට ගිහිං.


 මේ බ්ලොග් එකේ කවි ඇරෙන්න මගේ හිතට එන අනිත් දේවලූත් ලියන්න හිතං ඉන්නවා. ෆිල්ම්ස් ගැන, නාට්‍ය ගැන, පොත් පත් ගැන දේශපාලනය ගැන, හැම දෙයක්ම, ඉක්මනින් අප්ඬේට් වෙන බ්ලොග් එකක් වෙන එකක් නම් නෑ. රස්සාව කරන අතරෙ එපායැ ඔක්කොම කරන්න. ඉතිං මේක බලන්න එන හැමෝවම සාදරයෙන් පිළිගන්නවා.