Wednesday, December 21, 2011

කලකට පසු


තනි වී තුරුළුව උන් හැටි මතකද
ලොවට හොරෙන් අපි හැන්දෑවේ
ළඟ නැති ඔබගේ සුවඳ දැනෙනවා
ඇස් පිය වූ විට සිතට මගේ
මල් පෙති විසිරී සුවඳ හමන විට
නුඹ මා හමු වූ මතක දිගේ
එක්වී යමු අපි යා හැකි මුළු දුර
නුඹ මගෙමයි මුළු සංසාරේ
තනියට හුරු වී ඉකි බිඳි මගෙ හිත
සොයනා උණුසුම ඔබෙ තුරුලේ
දැනෙනව මට යළි අඩු නෑ බිඳුවක්
ඔබ ළඟ ඉන්නම් මම පෙරසේ
නුඹ මා ළඟ නම් ඉන්නම් සතුටින්
තියෙනා තුරු දිවි සුසුම් මගේ
තියනවා සතුටින් දෙන්නෑ
මම දුක් ආයිත් කිසි දින හිතට ඔබේ

Monday, December 5, 2011

ඉන්නවා මං මෙහෙම මෙතැනම


එක්ව දුටු දුර ඈත සිහිනය
එක්ව තුරුළුව යළි දකින්නට
බලා ඉන්නම් යළිත් එනතුරු 
ඇඟිලි ගණිමින් මෙහෙම මෙතැනම
ඔබ නැතිව ළඟ දැනෙන පාළුව
කියා ගන්නට වචන නෑ මට
එන්න හැකිනම් නිසැකවම මම
එනව දකිනට මගේ සද ඔබ
එන්න පෙ සේ සිනා කැන් ගෙන
බලා ඉමි මං මෙහෙම මෙතැනම