Saturday, June 28, 2014

පොසොන් සැමරුම

පන්සල් ගොස්
සිල් අරගෙන
පන්සිල් ගෙන
බුදුන් පුදා
මිහින්තලේ
දන්සල් දී
මිහිදු හිමිට
කුසුම් පුදා
ජාති ආල
තෙල් ගිනි ගෙන
ගෙවල් කඩා
රුපුන් මරා
සියල් සතුන්
නිදුක් වෙන්න
මං පැතුවා
දොහොත් නගා

Tuesday, June 17, 2014

සිහින පැතුම

සිහින සිතුවම්
අඳින මා මනසේ
ආල හැඟුමන්
පිපී එයි රහසේ
හිතේ හැම කොණ
ඇවිදිනා සිතුසේ
නුඹ නැතිව මම
ඉන්නදෝ කෙලෙසේ

නුඹේ නෙතු ළඟ
මා දුටුව හැඟුමන්
නුඹේ හිත ළඟ
මා පිරුව පැතුමන්
සැබෑ කර ගමු
එක් වෙලා අපි
දිනා අපගේ
පෙම් ලොවේ අභිමන්

නුඹට මා නැති
ලොවක් නැති විලසින්
මටත් නුඹ නැති
ලොවක් නැති විලසින්
අපි අපේ ළඟ
හිඳිමු සැමදා
අපිට අපි හිමි
දිනක් එයි නිසැකෙන් 

Sunday, June 15, 2014

මගෙම වන ඔබ

උදෑසනම හිරු
එළියක් සේ විත්
මා ළඟ නැවතී
ඉන්න අහනවා

සිනා සපිරි ඔබෙ
අවිහිංසක වත
මගෙ දුක් ලතැවුල්
නිවා දමනවා

නුඹ නොමැතිව
මම ඉන්නේ කෝමද
මං ළඟ සදහට
ඉන්න කියනවා

Thursday, June 5, 2014

පෙම් හසරැල්

මිහිරි පෙම් හසරැල්
සිත පුරා විඳි මං
අහස පීරා
කෙසේ සොයමිද
මට ම හිමි තරුවැල්

බිම පිපෙන කොඳ මල්
විහිදුවන සුවඳින්
තෙමී මත් වී
කියන් එනවද
ඉන්නවා එනකල්

අහිමි කළ හසරැල්
ළං කරනු හැකි නම්
කොහේ යන්නද
නුඹව තනිකර
නුඹ මගෙයි හැම කල්