Tuesday, September 23, 2014

සින්දු කියන අන්ධ යුවල

රබානට හරි රිදෙනවා ඇති තට්ටු කරලා උදේ ඉඳලම වචන ඔක්කොම පැටලිලා ඇති පාර අයිනේ දූලි ගොඩ වල කාසි පොඩ්ඩක් බිම වැටිලා ඇති අහුල ගන්නට කෙනෙක් නැති වුණු දෑත් අල්ලන් යන්න නුඹ ඇති හැන්දැ වෙද්දී තනිව මග තොට

Sunday, September 21, 2014

පොඩි දුරක් යමු

ඇවිදින්න පෙර මගේ හිත මත එළා පාවඩ සිව් කොණින් නැගෙන දූවිලි මතක අතරේ සැඟව යනවද ඔබ ඉතින් ඉරි තැළුණු ලේ බිඳිති ඉහිරුණු මතකයේ සුන් බුන් මතින් යන්න එනවද පුංචි දුරකට කෙනෙක් එන තුරු ඔබ ළඟින්