Sunday, July 12, 2015

කිරිල්ලියේ

කිරිල්ලියේ හමුවුණෙ නුඹ
ගව් ගානක් පියාඹලා
වෙහෙස නිවන්නට
හෙවනක නතර උනාමයි

ඒ හෙවනෙදි හමුවුණු ඔබ
තැවුල් රැුඳුණු මගේ හිතට
සිහල් සරින් පවන් සැලුවා
මට තව මතකයි

තැවුල් මැකුණු හිතත් අරන්
නුඹ එක්කලා අහසට නැග
පියාඹන්න මගෙ හිත ඇති
හීන මහ ගොඩයි

ඒත් මගේ කිරිල්ලියේ
නුඹයි මමයි හරි ඈතයි
දුරින් ඉඳන් අපි බලනා
හීන සුන්දරයි