Friday, February 13, 2015

කඳුළු වෙඩිල්ල

හීන පුරවපු මගේ හදටම
කඳුළු බිඳකින් වෙඩි තබා
ගලා යන රතු ලේ බිඳක් මත
උණුහුමට ඔබෙ තොල් තියා
ඒ දෙතොල් මගෙ දෙතොලෙ තවරා
දෙතාල ලූ අගුලුත් කඩා
කියන්නට වදනක් කළිං මා
ඔබ ගිහිං සුළඟක් වෙලා