Wednesday, June 7, 2017

හෙමි හෙමින් එන්න.....

හෙමි හෙමින් එන්න
හෙමින් වැහි දිය වැටෙන
එදා තනිවී අපි ඇවිද ගිය
ඒ පාළු මග දිග ම
හෙමි හෙමින් එන්න.....
දූලි කැට වල සිට
සියුම් පිණි බිඳු වලත්
තාම තැවරී තිබෙන මතකෙට
අමතකව යන්න කාලය දී
හෙමි හෙමින් එන්න.....
එකම ඉර යට එකම හඳ යට
ඒ අහස යට අමතක ගිය
අපේ මතකයේ රැඳුණු හිස් තැන්
අමතකව යන තුරා මතකෙන්
හෙමි හෙමින් එන්න.....
ජීවිතේ යළි කිසි දිනෙක අපි
හමුනොවන බව දන්න හින්දම
එතොත් යළි ඔබ දිනෙක එන විට
නැති නිසා මං ඔබේ මතකයෙ
හෙමි හෙමින් එන්න.....