
උඹ ගිහිං
මාස තුනකුත් වෙලා
අද ඊයෙ වාගෙමයි......
'දඩෝ අද නැද්ද මොකුත්'
අහන්න එකෙක්
නෑ බං දැං.....
තාම කන බොන වෙලාවට
අපි මතක්කරනවා
උඹ ගැන
ඇත්තමයි
ඒ හැම තැනකම
ඉන්නවා උඹ
අපි ළඟ......
පිං දුන්නා අපි අද
මතක් කරලා උඹ ගැන
උඹ කැමති විදියටම
හැම දේම කලා අපි......
උඹ ගිහිං
මාස තුනකුත් වෙලා
අයියේ
අද ඊයෙ වාගෙමයි
අමතක වෙන්නෙ නෑ
කිසි දාක උඹව.......