මීදුම් තිර ඉරන
හිරු රැස් වැටී දිලිහෙන
තණ පත් අග රැඳුණු
පිනි බිඳු සෙමින් වියැළෙන
අතු අග පිපී හිනැහෙන
මල් වල සුවඳ විහිදෙන
කාලය ගෙවී වියැකුණු
කොළ අතු අගින් ගිලිහෙන
නුඹ ගැන සුව මතක
තව හිත් කෙණේ ගැවසෙන
එනමුදු ඒ සුවඳ
දැන් හෙමි හෙමින් මියැදෙන
මීදුම් තිර ඉරන
ඉස්සරම ඉස්සර
මේ මල් අතින් අරගෙන
කුහුඹුවන් වී හෝ
උපන්නා නම් අපි
දහස් දෙන
පිය මනින
මගක හෝ හමු වී
මොහොතකට
මුණ ගැසී
අපේ ඇස් දෙස බලා
යන්න තිබුණා....