Monday, September 11, 2017
තනිවුණු මීවිත
සඳළුතලයෙන් එහා පැත්තේ
අහසෙ වටකුරු සඳක් තිබුණා
ඒ සඳේ වට දිලිසෙමින් උන්
පුංචි තරු කැට ගොඩක් තිබුණා....
සඳළුතලයෙන් මෙහා පැත්තේ
පාළුවේ උන් කෙනෙක් උන්නා
ඔහුගෙ තනියට පුටුව පසෙකින්
අඩක් හිස් වූ බඳුන් තිබුණා....
ජීවිතේ දුර ඈත කාලෙක
සඳ වාගෙම මේ තරුත් තිබුණා
අතින් අල්ලන් තුරුල් වී ළඟ
ඔහුගෙ තනියට කෙනෙක් හිටියා....
හිස් වෙනා මධු බඳුන් ගණනට
දුක හිතෙන හිත තනිව හැඬුවා
දුක නිවන්නට බැරිව දුර සිට
සඳත් තරු හා බලා හිටියා....
ලොවට නොහැඟෙන අරුම දුක ගැන
තනිව මීවිත සුසුම් හෙළුවා
තරුත් තනිකර අමාවක රෑ
සඳත් නොකියම ගිහිං තිබුණා....
Wednesday, June 7, 2017
හෙමි හෙමින් එන්න.....
හෙමි හෙමින් එන්න
හෙමින් වැහි දිය වැටෙන
එදා තනිවී අපි ඇවිද ගිය
ඒ පාළු මග දිග ම
හෙමි හෙමින් එන්න.....
හෙමින් වැහි දිය වැටෙන
එදා තනිවී අපි ඇවිද ගිය
ඒ පාළු මග දිග ම
හෙමි හෙමින් එන්න.....
දූලි කැට වල සිට
සියුම් පිණි බිඳු වලත්
තාම තැවරී තිබෙන මතකෙට
අමතකව යන්න කාලය දී
හෙමි හෙමින් එන්න.....
සියුම් පිණි බිඳු වලත්
තාම තැවරී තිබෙන මතකෙට
අමතකව යන්න කාලය දී
හෙමි හෙමින් එන්න.....
එකම ඉර යට එකම හඳ යට
ඒ අහස යට අමතක ගිය
අපේ මතකයේ රැඳුණු හිස් තැන්
අමතකව යන තුරා මතකෙන්
හෙමි හෙමින් එන්න.....
ඒ අහස යට අමතක ගිය
අපේ මතකයේ රැඳුණු හිස් තැන්
අමතකව යන තුරා මතකෙන්
හෙමි හෙමින් එන්න.....
ජීවිතේ යළි කිසි දිනෙක අපි
හමුනොවන බව දන්න හින්දම
එතොත් යළි ඔබ දිනෙක එන විට
නැති නිසා මං ඔබේ මතකයෙ
හෙමි හෙමින් එන්න.....
හමුනොවන බව දන්න හින්දම
එතොත් යළි ඔබ දිනෙක එන විට
නැති නිසා මං ඔබේ මතකයෙ
හෙමි හෙමින් එන්න.....
Thursday, March 9, 2017
යථාවාරී වහා පූරා

උඹ ගිහිං
මාස තුනකුත් වෙලා
අද ඊයෙ වාගෙමයි......
'දඩෝ අද නැද්ද මොකුත්'
අහන්න එකෙක්
නෑ බං දැං.....
තාම කන බොන වෙලාවට
අපි මතක්කරනවා
උඹ ගැන
ඇත්තමයි
ඒ හැම තැනකම
ඉන්නවා උඹ
අපි ළඟ......
පිං දුන්නා අපි අද
මතක් කරලා උඹ ගැන
උඹ කැමති විදියටම
හැම දේම කලා අපි......
උඹ ගිහිං
මාස තුනකුත් වෙලා
අයියේ
අද ඊයෙ වාගෙමයි
අමතක වෙන්නෙ නෑ
කිසි දාක උඹව.......
Tuesday, December 13, 2016
ආලෝක අයියේ
‘දඩෝ
අඩියක් ගහමුද?’
අහන්න උඹ ආයෙ එන්නෙ නෑ...
පැයකට
එක හමාරක් බොන්න
උඹ ආයෙ එන්නෙ නෑ.....
අයියෙ කියන ගමන් ම
උඹ කියල කියන්නත්
උඹ ආයෙ එන්නෙ නෑ
ඒ හින්දම,
උඹ නිදං ඉන්නවා බලන්න
මං ගියේ නෑ.....
අඩියක් ගහමුද?’
අහන්න උඹ ආයෙ එන්නෙ නෑ...
පැයකට
එක හමාරක් බොන්න
උඹ ආයෙ එන්නෙ නෑ.....
අයියෙ කියන ගමන් ම
උඹ කියල කියන්නත්
උඹ ආයෙ එන්නෙ නෑ
ඒ හින්දම,
උඹ නිදං ඉන්නවා බලන්න
මං ගියේ නෑ.....
Wednesday, November 2, 2016
Subscribe to:
Posts (Atom)

