Wednesday, December 21, 2011

කලකට පසු


තනි වී තුරුළුව උන් හැටි මතකද
ලොවට හොරෙන් අපි හැන්දෑවේ
ළඟ නැති ඔබගේ සුවඳ දැනෙනවා
ඇස් පිය වූ විට සිතට මගේ
මල් පෙති විසිරී සුවඳ හමන විට
නුඹ මා හමු වූ මතක දිගේ
එක්වී යමු අපි යා හැකි මුළු දුර
නුඹ මගෙමයි මුළු සංසාරේ
තනියට හුරු වී ඉකි බිඳි මගෙ හිත
සොයනා උණුසුම ඔබෙ තුරුලේ
දැනෙනව මට යළි අඩු නෑ බිඳුවක්
ඔබ ළඟ ඉන්නම් මම පෙරසේ
නුඹ මා ළඟ නම් ඉන්නම් සතුටින්
තියෙනා තුරු දිවි සුසුම් මගේ
තියනවා සතුටින් දෙන්නෑ
මම දුක් ආයිත් කිසි දින හිතට ඔබේ

1 comment:

  1. ලස්සනයි වගේම හරිම හැඟුම්බරයි

    ReplyDelete