බැඳුනෙන් අතැඟිලි
නොදැනෙන පෙමකට
ගත සිත දෙකටම
නොදැනෙන සෙනෙහස
සොයා කතර දිග
ඇවිදන් ආ මග
නොදැනිම බැඳුණා
අපෙ හිත් අප වෙත
අසම්මතය වුව
අප විඳිනා පෙම
අත් හැර යන්නට
අපිට නොහැකි සඳ
කාලය මග හැර
සැඟවී හෙමිහිට
කඳුළු සඟවලා
රිදෙන දෙනෙත් වල
ළං වී විඳගමු
සිත ඉල්ලන පෙම
Friday, February 24, 2012
Thursday, February 16, 2012
ඔබ අද මා ළඟ නෑ
වසන්තයේ අග
හමුවන දිනකදි
නුඹ මගෙ වන බව
දැනෙනා විට මට
ඉපිලෙන සිත ගැන
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ
හිත අද්දර හිඳ
ඔබ දෙන සෙනෙහස
සක්මන් කරමින්
හදවත පිරිමැද
දෙන්නට හැකි බව
දිවි ඇති තුරු මට
සවනට කොඳුරා
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ
අහස් වියන යට
පොළෝ තලය මත
ඔබ සිත මට දෙන
සෙනේ තරම ගැන
මා සිත දවනා
උණුසුම් හැගුමන්
ළයට තුරුල් කර
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ
Saturday, January 28, 2012
මතකයේ මළගම
පිපී හිනැහෙන වසන්තේ අග
සමුගනිමි මම දැන් ඉතින්
පුද කරනු මැන මතක වස්ත‍්‍රය
බිඳ වැටුණු පේ‍්‍රමේ නමින්
යථා වාරී වහා පූරා
මුමුණනා ඔය දෙතොලගින්
නැගෙන්නට යළි පතමි පෙර සේ
සිනා මල් කැන් හුරු ලෙසින්
කියා බණවර සත් දිනක් තුළ
නුඹට බැඳි පේ‍්‍රමේ නමින්
දෙන්න කැඳවා සෙනෙහෙ සොයනා
ළබැඳියන් හැම උන් ළඟින්
සෙනෙහසේ මළගමට බැඳි කොඩි
ලිහා මතකෙන් පෙර ලෙසින්
ඉන්න සිනහව මුවග රන්දා
තරහ නෑ බිඳුවක් ඉතින්
Subscribe to:
Posts (Atom)