Thursday, February 16, 2012

ඔබ අද මා ළඟ නෑ


වසන්තයේ අග
හමුවන දිනකදි
නුඹ මගෙ වන බව
දැනෙනා විට මට
ඉපිලෙන සිත ගැන
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ
හිත අද්දර හිඳ
ඔබ දෙන සෙනෙහස
සක්මන් කරමින්
හදවත පිරිමැද
දෙන්නට හැකි බව
දිවි ඇති තුරු මට
සවනට කොඳුරා 
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ
අහස් වියන යට
පොළෝ තලය මත
ඔබ සිත මට දෙන
සෙනේ තරම ගැන
මා සිත දවනා
උණුසුම් හැගුමන්
ළයට තුරුල් කර
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ

No comments:

Post a Comment