Tuesday, June 17, 2014

සිහින පැතුම

සිහින සිතුවම්
අඳින මා මනසේ
ආල හැඟුමන්
පිපී එයි රහසේ
හිතේ හැම කොණ
ඇවිදිනා සිතුසේ
නුඹ නැතිව මම
ඉන්නදෝ කෙලෙසේ

නුඹේ නෙතු ළඟ
මා දුටුව හැඟුමන්
නුඹේ හිත ළඟ
මා පිරුව පැතුමන්
සැබෑ කර ගමු
එක් වෙලා අපි
දිනා අපගේ
පෙම් ලොවේ අභිමන්

නුඹට මා නැති
ලොවක් නැති විලසින්
මටත් නුඹ නැති
ලොවක් නැති විලසින්
අපි අපේ ළඟ
හිඳිමු සැමදා
අපිට අපි හිමි
දිනක් එයි නිසැකෙන් 

No comments:

Post a Comment