Monday, March 14, 2016
සැර ලොකු තාත්තේ
කොළඹ සිට හෙමිහිට
කන්ද නැගගෙන එනවිට
බර වෙච්චි මගෙ හදවත
කඳුළු පැන්නා නුවරඑළියෙදි
ආවම නිදා උන් තැනට
උන්නු හැටි කාවදාවත් නැති ලෙස
ඇඳගෙන රත්තරන් පැහැ ඇඳුම
ඇඬුවා කට වසාගෙන මං.....
උස්සං ගියා ගෙදරටම
ඇඬුවා කකුල් මුල හිඳ
ආයිමත් ආවෙ නෑ මං
දකින්නට ඔබේ උවනත
එක්කං ගියා බෝ අය
යන අවසන් ගමන හෙමිහිට
එක්කහු උනේ නෑ මං
එක්කං යන්න කිසි විට
පස් කඳු දමා වැහුවට
කොහොම වහනද මතකය
අනේ......
මං වඩාගෙන
හුරතල් කෙරුවට තරමට
Sunday, March 13, 2016
හඬන උල් කටු
අරං ගියහම
පුංචි මල් පෙති
සුළඟ ඇවිදින්
ගහෙන් වට්ටපු
දුකට හැඬුවා
මලේ තනියට
ළඟට වී උන්
පුංචි උල් කටු
පුංචි මල් පෙති
සුළඟ ඇවිදින්
ගහෙන් වට්ටපු
දුකට හැඬුවා
මලේ තනියට
ළඟට වී උන්
පුංචි උල් කටු
Subscribe to:
Posts (Atom)