Friday, November 25, 2011

හඳුන්වාදීම

මං දිමුතු, දිමුතු තෙන්නකෝන්. ජොබ් එක ග‍්‍රැෆික් ඩිසයිනින්. කම්මැලි කමට කරන්නෙ ලියන එකයි කියවන එකයි. 


කියවනවා කියන්නෙ ළ`ග ඉන්න අයට කණ් වල ඇ`ගිලි ගහ ගන්න කියවන එක නෙවෙයි. පොත් කියවන එක. මං පොත් ගුල්ලෙක්. ලියන්නෙ කවි. ඒවා කවි කියලා කියන්න පුළුවන්ද මන්දා. ඒත් නිකං ඉන්න වෙලාවට හිතට එන දේවල් කුරුටු ගාන එක දැන් පුරුද්දකට ගිහිං.


 මේ බ්ලොග් එකේ කවි ඇරෙන්න මගේ හිතට එන අනිත් දේවලූත් ලියන්න හිතං ඉන්නවා. ෆිල්ම්ස් ගැන, නාට්‍ය ගැන, පොත් පත් ගැන දේශපාලනය ගැන, හැම දෙයක්ම, ඉක්මනින් අප්ඬේට් වෙන බ්ලොග් එකක් වෙන එකක් නම් නෑ. රස්සාව කරන අතරෙ එපායැ ඔක්කොම කරන්න. ඉතිං මේක බලන්න එන හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. 

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අලුත් බ්ලොග් එකක් නේ.. ජය වේවා.. අපිත් ඉතින් කරන්නේ කියවන ලියන එක තමා.. මම නම් සමහර වෙලාවට කන් වල ඇඟිලි ගහන්න වෙන විදිහට කියවන එකත් කරනවා.. කලින් එක ගනන් ගන්න එපා.. මම වෙන එක්ක ටයිප් කරන ගමන් කොමෙන්ටුව ටයිප කලේ, ඒ කැල්ලත් එක්කම මේකේ පෝස්ට් කරලා..

    ReplyDelete
  3. Thx kiyawanna aewi kiyala balaaporotthu wenawaa

    ReplyDelete
  4. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම්

    ReplyDelete
  5. Suba Pathum.......................

    ReplyDelete